සිරදඬුවම් විඳිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී. ඊයේ දින වරකාපොළ නගරයෙන් ආරම්භ වූ පාද යාත්රාවේ සිව්වන දිනය නිට්ටඹුව නගරයෙන් අවසන් විය.මෙම විරෝධතා පාද යාත්රාවේ පස්වන දිනය අද ක්රියාත්මක වන අතර, එය සැලසුම් කර ඇති පරිදි ඉදිරියට ගමන් කරමින් පවතී.අද දින ගමනින් පසු හෙට දිනයේදී මෙම පාද යාත්රාව කඩවත නගරයේ සිට කොළඹ දක්වා ළඟාවීමට නියමිතව තිබේ.

























