නීතිවිරෝධී ලෙස රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුව ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය 11 වැනි දින මෙම මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු සතුව තිබූ ගිනිඅවිය සොයා ගැනීමත් සමඟය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.























