චාමර සම්පත්ගේ පලතුරු වට්ටි කතාව අසත්‍ය බව සිරිල් ගාමිණී පියතුමා පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හමුදාපතිවරයා ජූලි මස 02 වැනිදා පලතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමිපාණන් හමුවූ බවත්, එදිනම ඔහුගේ සේවා කාලය දීර්ඝ කළ බවත් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත සහ අසත්‍ය බව පියතුමා අවධාරණය කරයි.​අතිඋතුම් කාදිනල් හිමිපාණන් වතිකානයේ සංචාරයකින් පසු නැවත දිවයිනට පැමිණ ඇත්තේ ජූලි 03 වැනිදා බැවින්, මන්ත්‍රීවරයා පවසන පරිදි ජූලි 02 වැනිදා එවැනි හමුවීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බව පියතුමා පෙන්වා දෙයි. මෙය ආගමික සංහිඳියාවට බාධාවක් වන අයුරින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදු කළ ප්‍රකාශයක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.​මෙම අසත්‍ය සහ වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ නීතිඥ කණ්ඩායම මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. සමාජය තුළ වැරදි මතවාද පැතිරවීම වැළැක්වීම සඳහාත්, ආගමික සහජීවනය ආරක්ෂා කිරීම සඳහාත් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව පියතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,238

Leave A Reply

Your email address will not be published. Required fields are marked *