‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව යටතේ සංවිධානය කර ඇති ජනාධිපති ජන රැලි මාලාවේ මුල්ම රැලි ද්විත්වය අද (06) බුලත්සිංහල සහ බේරුවල මහජන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රැලි දෙක බැගින් පැවැත්වීමට නියමිතය.මෙම ජන රැලි මාලාවේ ඉදිරි දින කාලසටහනට අනුව, ලබන 12 වැනි දින පොළොන්නරුවේදීද, 13 වැනි දින අනුරාධපුරයේදීද රැස්වීම් පැවැත්වේ. තවද, සැප්තැම්බර් 20 වැනි දින මාතරදීත්, 27 වැනි දින ගම්පහදීත් අදාළ ජන රැලි සංවිධානය කර ඇත.



























