ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය 58 වැනි ජන්ම දිනය අද (24) සමරයි. 1968 නොවැම්බර් 24 වැනිදා මාතලේ දේවහූව ග්‍රාමයේදී උපත ලැබූ ඒ මහතා 1995 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පූර්ණකාලීන දේශපාලනයට පිවිසියේය.ශිෂ්‍ය දේශපාලනයෙන් සිය ගමන ආරම්භ කළ ඒ මහතා 1997 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ අතර 2000 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජනබලවේගය ගොඩනැගීමට නායකත්වය දුන් දිසානායක මහතා, 2024 සැප්තැම්බර් 22 වැනිදා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.ජනතාව තැබූ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කරමින් රට සෞභාග්‍යමත් මාවතකට ගෙන යාමේ වගකීම ඒ මහතා මේ වන විට ඉටු කරමින් සිටී.



























