ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත භාර දුන්නේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වේ.

What's your reaction?

Related Posts

1 of 1,366

Leave A Reply

Your email address will not be published. Required fields are marked *