ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ජූනි 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



























