ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය තුළ රැඳී සිටීම වළක්වාලමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් සහ තවත් 53 දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මීට සුළු මොහොතකට පෙර මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.



























