ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට නව බැටරි ගබඩා පද්ධති 7ක් කොළඹට

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරභාවය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය විධිමත් කිරීමේ අරමුණින් ආනයනය කරන ලද අති නවීන බැටරි බලශක්ති ගබඩා පද්ධති හතක් කොළඹ වරාය වෙත ළඟා වී තිබේ. රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් රජය දියත් කරන බලශක්ති ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ ජාතික ව්‍යාපෘතියක් යටතේ මෙම පද්ධති මෙරටට ගෙන්වා ඇත.​මෙම නව බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි උපායමාර්ගික විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිතය. මෙමගින් මෙගාවොට් 280ක සමස්ත විදුලි ධාරිතාවක් ගබඩා කර ගැනීමට හැකි වන අතර, දෛනිකව ජාතික විදුලිබල ජාලයට මෙගාවොට් 70ක බලශක්තියක් එක් කිරීමට ද මේ හරහා සැලසුම් කර තිබේ.​මෙම යටිතල පහසුකම් ඉදිරියේදී ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමත් සමඟ දේශීය විදුලි සැපයුමේ කාර්යක්ෂමතාව සහ විශ්වාසනීයත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස බලශක්ති ස්ථාවරත්වය තහවුරු වීම හේතුවෙන් කාර්මික මෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයන්ට ද පීඩාවකින් තොරව අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීමට රජයට හැකියාව ලැබෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *