ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 ජූනි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) පදනම් කර ගනිමින් මෙම දත්ත වාර්තා කර ඇති අතර, එය මැයි මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරයි.ඒ අනුව, 5.5%ක් ලෙස පැවති කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ජූනි මාසයේදී 6.8%ක් දක්වා වැඩි වී ඇත. මෙහිදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම වඩාත් කැපී පෙනෙන කරුණක් වී තිබේ. මැයි මාසයේ 0.9%ක් වැනි අඩු අගයක පැවති ආහාර උද්ධමනය, ජූනි මාසය වන විට 3.6%ක් දක්වා තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ද මෙම කාලසීමාව තුළ ඉහළ ගොස් ඇත. ඒ අනුව මැයි මාසයේ 7.8%ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ජූනි මාසයේදී 8.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා තහවුරු කරයි.



























