ඥානසාර හිමි නිදහස් කරන තෙක් මහා සංඝරත්නය විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටීමේ තීරණයක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් ආරම්භ කළ අරගලය අත්නොහැර ඉදිරියටම කරගෙන යාමට මහා සංඝරත්නය තීරණය කර ඇත. ඒ අනුව උන්වහන්සේලා විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ රැඳී සිටිමින් සිය විරෝධතාව තවදුරටත් ඉදිරියට ගෙනයති.​මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයේ නිරතව සිටි උන්වහන්සේලා, පසුව බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකටද එක්වූහ.​කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවෙන් පසුවත් සිය ස්ථාවරය වෙනස් නොකළ මහා සංඝරත්නය, ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් විහාරමහාදේවි උද්‍යානයේම රැඳී සිටීමට ඒකමතිකව තීරණය කළ බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *