ඩෙංගු මරණ 64 දක්වා ඉහළට: රෝගීන් සංඛ්‍යාව 89,000 පනී

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව දිවයින පුරා වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත රෝගීන් ගණන 89,033 ක් ලෙස සටහන් වේ. මෙම රෝගීන්ගෙන් අඩකටත් වඩා, එනම් 52.94% ක් (47,136 දෙනෙකු) බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ (18,922) සහ කොළඹ (17,679) දිස්ත්‍රික්කවලට වන අතර මහනුවරින්ද රෝගීන් 6,298 දෙනෙකු වාර්තා වේ.​පසුගිය ජූලි මාසයේදී එකී මාසයකදී වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව ලෙස 29,973 දෙනෙකු හඳුනාගත් අතර, අගෝස්තු මාසයේ මුල් සතිය තුළ පමණක් තවත් රෝගීන් 3,686 දෙනෙකු වාර්තා වී ඇත. මීට අමතරව කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි.​රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119 ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර, පරිසරය පිරිසිදුව තබා ගැනීමට මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *