ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. සෞඛ්‍ය අංශ සමඟ සිදු කළ පුළුල් සාකච්ඡාවකින් පසුව, රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.​අදාළ තීරණය ඊයේ (06) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණයට එළඹුණු බව වාර්තා වේ.​මීට පෙර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ද ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන් එහි අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *