තංගල්ලේදී 88 හැවිරිදි පියෙකු සැකකටයුතු ලෙස මියයයි: බාල පුතා අත්අඩංගුවට

තංගල්ල, සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී 88 හැවිරිදි සිව්දරු පියෙකු සැක සහිත ලෙස මියගොස් සිටියදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නැමැති අයෙකි. තම බිරිඳ සමඟ පදිංචිව සිටි මොහු, නිවස ඉදිරිපිට පිහිටි ජල කරාමයක් අසල වැටී සිටියදී සොයාගෙන ඇති අතර මෙය කිසියම් අයෙකු විසින් සිදුකළ ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.​මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට මියගිය පුද්ගලයාගේ බාල පුත්‍රයා වන 48 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ පෙරවරුවේ පියාගේ නිවසට පැමිණ ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, තංගල්ල පොලිසියේ අපරාධ අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,232

Leave A Reply

Your email address will not be published. Required fields are marked *