තමන්ට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයක බියක් හෝ අනියත ගැටලුවක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබේ.අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, වත්මන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් හෝ අදහසක් නොමැති බවද ඔහු එහිදී දැඩිව අවධාරණය කළේය.























