තායිලන්තයේ ප්‍රථම වරට සංවිධානය කෙරෙන “Miss Grand All Stars” ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් තිෂානි පෙරේරා මෙනෙවිය අද (14) අලුයම දිවයිනෙන් පිටත්ව ගියාය. ඇය අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පවුලේ හිතවතුන්ගේ ආශිර්වාදය මැදිනි. 2025 වසරේ ‘Miss Grand Sri Lanka’ කිරුළ දිනාගත් තිෂානි, ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරිනියක වන අතර ඇය මේ වන විට සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරතව සිටින දක්ෂ තරුණියකි.මෙම තරගාවලිය ලොව සෙසු රූ රැජින තරගවලට වඩා සුවිශේෂී වන්නේ Miss Grand, Miss Universe සහ Miss World වැනි ලෝක මට්ටමේ ප්‍රමුඛතම තරගාවලි ජයග්‍රහණය කළ රූමතියන්ට පමණක් මෙහි දොරටු විවෘත වන බැවිනි. ලොව පුරා රටවල් 80කට ආසන්න සංඛ්‍යාවක ජයග්‍රාහිකාවන් සමඟ තිෂානි මෙහිදී කරට කර තරග වැදීමට නියමිතය. මැයි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කරගනිමින් මෙම දැවැන්ත උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.තිෂානි පෙරේරා මෙනෙවිය අද උදෑසන 7:25ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-404 දරන ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්ව ගිය අතර, ඇයගේ සහභාගීත්වය මෙරට රූ රැජින ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර වේදිකාව මත ශ්‍රී ලාංකේය අනන්‍යතාවය විදහා දක්වමින් මෙරටට ගෞරවයක් ගෙන ඒමට ඇයට හැකිවේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

























