ලංකා විදුලිබල මණ්ඩලය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආයතනයක් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය (VRS) තෝරාගත් සේවකයන් සඳහා වන්දි පිරිනැමීම හෙට (15) සිදුකෙරේ. ඒ අනුව සේවකයන් 1,898 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන් කර ඇති අතර, මෙම පියවර මණ්ඩලයේ ඉදිරි මෙහෙයුම් වියදම් අවම කරගැනීමට මෙන්ම ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ගත් තීරණාත්මක පියවරක් ලෙස හඳුනාගත හැකිය.“අභිමානවත් සේවාවක් – සුරක්ෂිත නිමාවක්” යන තේමාව යටතේ බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇති මෙම විශේෂ වැඩසටහන, දශක ගණනාවක් පුරා විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළ සේවකයන් ඇගයීමට ලක්කිරීම අරමුණු කරයි. හුදෙක් සේවයෙන් ඉවත් කිරීමක් නොව, ගෞරවනීය සමුගැනීමක් සහ මූල්‍යමය සුරක්ෂිතතාවයක් තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩසටහන මගින් මණ්ඩලයේ ව්‍යුහාත්මක වෙනසට සමගාමීව සේවක සුබසාධනය ද සමබරව පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරයි.

























