දේශීය තේ කර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Ceylon Tea Villages” හෙවත් තේ ගම්මාන 500ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන එළඹෙන ජූලි මස 15 වැනිදා පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. මෙම ප්‍රධාන සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, හල්ගොල්ල ග්‍රාමයේ හපුගස්තලාව වැව අසලදී පැවැත්වෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මීට සමගාමීව දිවයින පුරා තේ වගාව ව්‍යාප්තව පවතින දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය එදිනම දියත් කරන බවයි.කුඩා තේ වතු හිමියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, දලු අස්වැන්න ඉහළ නැංවීම මෙන්ම ඔවුන්ගේ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය ගොඩනැඟීම මෙම සුවිශේෂී ජාතික ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වී තිබේ.























