දත්ත පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් ඩෙංගු රෝගී තොරතුරු වාර්තාකරණය නවතී

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිල දත්ත පද්ධතිය ඊයේ (25) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. රට පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් අධික දත්ත ප්‍රමාණයක් එකතු වීම මෙම බිඳ වැටීමට හේතුව බව වාර්තා වේ.​සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම පද්ධතිය අඩාල වීම නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන ඩෙංගු රෝගී තොරතුරු යාවත්කාලීන කිරීමේ සමස්ත ක්‍රියාවලියම මේ වන විට මුළුමනින්ම ඇනහිට ඇත. රෝගී ව්‍යාප්තිය නිරීක්ෂණය කරන ප්‍රධාන යාන්ත්‍රණය මෙලෙස අක්‍රිය වීම තුළින් රටේ ඩෙංගු මර්දන දත්ත කළමනාකරණයට දැඩි බාධා එල්ල වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *