‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර නිල ගිවිසුමක් අත්සන් කර ඇත.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු වූ අතර, ඊට ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන විශේෂඥ කණ්ඩායමක් මඟින් ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වා මෙම යටිතල පහසුකම් ව්‍යාපෘතිය කඩිනමින් අනුමත කර ඇති අතර, මෙයින් මෙරට පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා රැසක් විසඳෙනු ඇත.



























