දිට්වා සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් විශේෂ ආගමික වතාවත් මාලාවක් ඊයේ (26) බදුල්ල මුතියංගණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී, සුළි කුණාටුවේ පළමු සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණා.විහාරාධිපති ආචාර්ය මුරුන්දෙනියේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.මීට සමගාමීව සංඝයා වහන්සේ සියක් නමක් විෂයෙහි පිරිනැමෙන දානමය පින්කමක් අද (27) පෙරවරුවේ පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබුණා.
- Home
- Uncategorized
- දිට්වා සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් විශේෂ පින්කම්























