පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (16) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ සිට ගිගුරුම් සහිත වැසි සමග දරුණු අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයන් ද ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි. පස්වරුවේ මෙම කාලගුණික වෙනස්වීම් ආරම්භ විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.අකුණු මඟින් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සඳහා උපරිම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුව සිහිපත් කරයි. වර්ෂා අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකීම සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරේ.























