දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

​අද (ජූනි 18) දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමේ හැකියාවක් පවතී.​එමෙන්ම ඌව පළාතේ ප්‍රදේශවලට මෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ නිවේදනය සඳහන් කරයි.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතු අතර, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,194

Leave A Reply

Your email address will not be published. Required fields are marked *