දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළත්ව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ද වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය ඉහළ යා හැකියි. ඒ අනුව එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං හැමීමේ හැකියාවක් පවතින බව ද දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,217

Leave A Reply

Your email address will not be published. Required fields are marked *