අද දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි අතර, වයඹ පළාතටද වැසි වාර කිහිපයක් වාර්තා විය හැක. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

























