බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට ඉදිරියේදී වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවට එමඟින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.මීට අමතරව, වයඹ පළාත සමඟ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී එනම් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු උවදුරු ඇතිවිය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් යුතුව ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටී.



























