දුම්රිය වර්ජනයක් මැදත් කාර්යාල දුම්රිය ධාවනයට

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය තීරණවලට එරෙහිව ප්‍රකාශයට පත් කර ඇති පැය 48 ක වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම වර්ජනය මධ්‍යයේ වුවද සියලුම කාර්යාල දුම්රියන් නියමිත ආරම්භක ස්ථානවල සිට සාමාන්‍ය පරිදි ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි.​ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එකතු වී ඇත. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව නිකුත් කර තිබූ විනය ලිපියක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී පසුබිමක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ විය.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *