දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (15) දින පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති වීමට ද වැඩි ඉඩකඩක් පවතී. මීට අමතරව, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්වල්ප වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *