දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු-මැද පළාත්වලත් ත්රිකුණාමල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කෙරේ.මන්නාරම සහ යාපනය වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් වාර්තා වන අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම මීදුම් සහිත ස්වභාවයක්ද පවතියි.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණය අංශ ඉල්ලා සිටී.



























