දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇත.​බස්නාහිර, උතුර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි තත්ත්වයක් අපේක්ෂා කෙරේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැක.​තද වැසි සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත්, කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *