දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා

2026 වසර සඳහා වන දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශීය භාෂා) විභාගය මෙම මස 29 වැනිදා කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2026 අගෝස්තු 31 වැනිදා දක්වා සිංහල/ඉංග්‍රීසි, සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි/දෙමළ යන භාෂා මාධ්‍යයන් සඳහා අයදුම්පත් යොමු කළ අපේක්ෂකයින්ට මේ සඳහා පෙනී සිටිය හැකිය.​විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙත පිවිසීමෙන් දැන් බාගත කර ගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *