පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය ඊයේ (3) රාත්රී 10.00 සිට අද (4) රාත්රී 10.00 දක්වා ක්රියාත්මක වේ.ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම් දෙකක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. උඩුදුම්බර, මිණිපේ, දෙහිඕවිට, අඹන්ගඟ කෝරලේ සහ මාතලේ යන ප්රදේශ සඳහා ‘අවදානමෙන් සිටින්න’ යන දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.තවද, රඹුක්කන, රත්තොට සහ ඇහැලියගොඩ යන ප්රදේශවල ජනතාවට ‘විමසිලිමත් වන්න’ ලෙස පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් ලබා දී තිබේ. වැසි සහිත කාලගුණයක් පවතින බැවින් අදාළ ප්රදේශවල ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.



























