දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි සහ තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙහිදී බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළු ඉහත සඳහන් කළ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලීමේ හැකියාවක් පවතින අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරුමැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *