බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළුව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වුවද, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් කලාපවලටත්, උතුරු-මැද, වයඹ සහ සබරගමුව පළාත්වලටත් සුළඟේ වේගය ඉහළ යා හැකි බව සඳහන් වේ. මීට අමතරව ත්‍රිකුණාමලය, මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ද විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.























