දිස්ත්‍රික්ක 13ක නායයෑම් අවදානම හෙට සවස දක්වා තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (17) පස්වරු 4.00 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල පස බුරුල් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.​මෙලෙස නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටය. මෙම දිස්ත්‍රික්කවලට අයත් නායයෑම් අවදානම සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් හඳුනාගෙන ඒවාට අදාළව මෙම නිවේදනය බලාත්මක කර තිබේ.​මේ හේතුවෙන් අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇති කලාපවල ජීවත් වන මහජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි. විශේෂයෙන්ම නායයෑමට පෙර පෙන්නුම් කරන පස් කඩාවැටීම්, ගස් ඇලවීම් හෝ පොළොවේ ඇති වන පැලුම් වැනි පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *