දිස්ත්‍රික්ක 24කට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ දිස්ත්‍රික්ක 24කට බලපාන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (24) දහවල් 12.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන අතර, අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඊට ඇතුළත් වේ.​මීට අමතරව පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා ද මෙම අවවාදය බලපැවැත්වේ. මෙම ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *