දෙහිවල ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි

දෙහිවල – ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල සිදුවන අපරාධ පසුපස සිටින මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සජීව මැදිවත්ත පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැනට විදේශගතවී සිටින එම අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.​පසුගියදා දෙහිවල කවුඩාන, සිරිසඟබෝ පාරේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ පියාගේ පාදවලට බරපතල තුවාල සිදුවිය. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තුවාලකරුගේ සහෝදරයා බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවත්, මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තා විසින් සැලසුම් කර ඇති බවට සැක කෙරෙන බවත්ය.​මෙම ප්‍රහාරයේ අරමුණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම වුවද, නිවාස මාරු වීමක් හේතුවෙන් අසල පිහිටි ඔහුගේ සොහොයුරාගේ නිවසට වැරදීමකින් එය එල්ල වී ඇති බව පොලිසිය සැක කරයි. තවද, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බවද අනාවරණය වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,328

Leave A Reply

Your email address will not be published. Required fields are marked *