දිවයිනේ ප්රධාන නගර රැසක වායු ගුණාත්මකභාවය මධ්යස්ථ මට්ටමක පැවතියද, යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමකට පහළ බැස ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.ඉදිරි පැය 24 ඇතුළත ශ්රී ලංකා වායු ගුණාත්මක දර්ශකය 88ත් 120ත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, පෙ.ව. 8.00 – 9.00 සහ ප.ව. 4.00 – 5.00 අතර කාලයේ වායු අහිතකරතාව ඉහළ අගයක පැවතිය හැකි බව ද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.



























