නුවරඑළියේ සිට කොත්මෙලේ ජලාශය බලා ගලා බසින නානුඔය ඇළට බැස්ස තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව නානුඔය පොලිසිය පවසයි. හපුතලේ සිට එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි තරුණයෙක් තම පවුලේ පිරිසක් සමඟ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔහු අනපේක්ෂිත ලෙස දියේ ගිලී යාම හේතුවෙන් ඔහුව බේරා ගැනීමට ගිය තවත් ප්‍රදේශයේ තරුණයෙකුද සමඟ දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම අනතුරින් මියගො ඇත්තේ නානුඔය පදිංචි 23 සහ 24 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. පසුව ප්‍රදේශවාසීන්ගේ සහ පොලිසියේ සහභාගීත්වයෙන් සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ ඇළෙහි පිහිටි ගැඹුරු ජල වළකින් මෙම මෘත ශරීර ගොඩගැනීමට හැකි වී ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නානුඔය පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.



























