රුපියල් මිලියන 15ක මුදලක් අයථා ලෙස ‘එන් ආර් කන්සල්ටන්සි’ සමාගමේ ආයෝජනය කර මුදල් විශුද්ධිකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවා ඇත. 2015 වසරේදී එවකට දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියහ. දැනටමත් ඇප මත මුදා හැර සිටින මෙම පිරිසට එරෙහි නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වන දිනට යළි කැඳවීමට නියෝග කර තිබේ.පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කර අදාළ විස්තර ලබා ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩුව කල් තැබීමට තීරණය කළේය.

























