නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (10) පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. අඛණ්ඩව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.​ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. මීට අමතරව, සඳහන් කළ සෙසු දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ද පළමු මට්ටමේ විමසිලිමත් වීමේ නිවේදන ක්‍රියාත්මක කර ඇත.​මෙම අවදානම් ප්‍රදේශවල වාසය කරන ජනතාව නායයාම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, හදිසි තත්ත්වයකදී අදාළ ආරක්ෂක උපදෙස් සහ මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදින ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *