නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් මාතර ගොවීන්ට වන්දි

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ සහ වගා කටයුතු කරගත නොහැකිව පීඩාවට පත් වූ ගොවි ජනතාවට විශේෂ වන්දි මුදල් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් රජයෙන් රුපියල් 5,000ක මුදලක් ලබාදෙන බවට පළ වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, සැබවින්ම මෙහිදී සිදුකෙරෙන්නේ පීඩාවට පත් ගොවීන් 5,000ක් වෙනුවෙන් නිසි පරිදි තක්සේරු කරන ලද වන්දි මුදල් පිරිනැමීමයි.​දිගු කලක් තිස්සේ වගා බිම් අහිමි වීමෙන් නිල්වලා නිම්නයේ ගොවි පවුල් මුහුණ දුන් බරපතළ ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය. මෙම සහන වැඩපිළිවෙළ යටතේ නිල්වලා නිම්න ප්‍රදේශයේ පීඩාවට පත් ගොවි පවුල් 5,000කට පමණ සෙත සැලසීමට නියමිතව ඇත.​නිලධාරීන් විසින් සිදුකරනු ලබන නිසි ක්ෂේත්‍ර තක්සේරුවලින් අනතුරුව, එක් එක් ගොවියාට හිමිවිය යුතු අදාළ වන්දි මුදල් කඩිනමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *