පවතින වැසි තත්ත්වයත් සමඟ නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 24කට දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.පසුගිය 24 වැනි දින මෙම ගංවතුර අනතුරු ඇඟවීම් මුල්වරට නිකුත් කළ අතර, තවදුරටත් පවතින අවදානම් සහගත තත්ත්වය සලකා බලා මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.ඒ අනුව, අදාළ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.



























