කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.අංගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙම සැකකාරිය සතුව තිබී, ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන එන ලද ග්‍රෑම් 916 ක බරින් යුත් රත්‍රං පාර්සල් 12 ක් නිලධාරී භාරයට ගෙන ඇත.වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ අදාළ රත්‍රං තොගය කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.



























