පසුගියදා සාර්ථකව අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතිය වන විට නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කිසිදු බාධාවකින් හෝ ගැටළුවකින් තොරව විභාග කටයුතු සාර්ථකව නිම කිරීමට හැකි වූ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය.දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙම විභාගය පැවැත්වුණු අතර, ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 73,723 ක් ලෙස සමස්ත අපේක්ෂකයින් 294,089 දෙනෙක් පෙනී සිටියහ. විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488 ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32 ක් ක්‍රියාත්මක කෙරිණි.දැන් මේ වන විට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මූලික කටයුතු සූදානම් කර ඇති අතර, එම කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරයි. ඇගයීම් කටයුතු අවසන් වූ වහාම ලකුණු ලැයිස්තු නිකුත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙනු ඇත.



























