අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වේ. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් සමඟින් සමස්ත අපේක්ෂකයින් 372,310 දෙනෙක් පෙනී සිටීමට නියමිතව ඇත. විභාග කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා මේ වන විට අවශ්‍ය සියලුම සූදානම් කිරීම් සිදු කර තිබේ.විභාග නීති රීති දැඩි කර ඇති අතර, ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ විභාග ශාලාව තුළට රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. විභාග වංචාවලින් වැළකී සිටින ලෙසත්, මධ්‍යස්ථාන වෙත නියමිත වේලාවට එනම් විභාගය ආරම්භ වීමට පැයකට පෙර පැමිණෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ඉල්ලා සිටියි. පසුගිය අදාළ දිනවලදී උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම ද සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.විභාග කටයුතු සම්බන්ධයෙන් මතු වන යම් ගැටළුවක් හෝ පැමිණිල්ලක් වෙතොත්, විභාග දෙපාර්තමේන්තුවේ 1911 හෝ 0112784208/0112784537 යන අංකවලට මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංක 119 හෝ 0112421111 හරහා සම්බන්ධ වී තොරතුරු ලබා දීමට හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා දී ඇත.



























