පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (අගෝස්තු 23) පස්වරු 6:44ට යෙදී ඇති සුබ මොහොතින් ආරම්භ වී වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.​මෙම පෙරහර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි මාලිගය වෙත ගෙවදීමට සැලසුම් කර ඇත.​පෙරහර කාල සීමාව තුළ මහනුවර නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, රියැදුරන්ට සහ මගීන්ට පහසුකම් සැලසීම සඳහා පොලීසිය විසින් විකල්ප මාර්ග පද්ධතියක් ද හඳුන්වා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,298

Leave A Reply

Your email address will not be published. Required fields are marked *