පළාත් කිහිපයකට වැසි සහ තද සුළං

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැකියි. එමෙන්ම, වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව විමසිලිමත් වී ස්වයං ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *