ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් වාර්තා විය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින නමුත්, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැක. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු වලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



























