පළාත් සභා මැතිවරණය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා.කෙසේ වෙතත් මෙම කාලය දීර්ඝ කිරීමෙන් පළාත් සභා ඡන්දය කල් දැමීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කළා.



























